පාර්ලිමේන්තුව වට කළ වසන්ත මුදලිගේ හිරේ යනවා..! ලාල් හඳුන් වගේ ඩීල්කාරයෝ නිදැල්ලේ ඉන්නවා..!

July 17, 2023 at 6:00 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කතා කරන්නේ කිසිදු දිනක ඇමැති ධූරයක් නොදැරූ 225ට අයත් නොවන අයකු ලෙස යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එහෙත් කලක් මේ පිරිස රජයේ සියලු වරප්‍රසාද භූක්ති විඳිමින් රටේ වැදගත් අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය ඇමැති ධූර 08ක් දැරූ බවයි, ඔහු සඳහන් කළේ.

කෙසේ වුව ද එහි වැඩ කරගත නොහැකි වූ තැන ඇමැතිකම් අතහැර පළා ගිය බව ද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අනෙක් අයට ඩීල්කාරයින් යැයි චෝදනා කරන ජවිපෙ ඩීල් නොදැමුවේ නම් පාර්ලිමේන්තුව වැටලුවේ යැයි වසන්ත මුදලිගේ හිරේ යන විට ලාල්කාන්ත හඳුන්නෙත්ති කිසිදු ගැටලුවකින් තොරව නිදහසේ සිටින්නේ කෙසේ දැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *