පාරවල් කොන්ත්‍රාත් ඉල්ල ගෙන හාමුදුරුවෝ එනවා…! නොදුන්නා ම ආණ්ඩුව පට්ට ගහනවා…! – කොටුවේ පොඩි හාමුදුරුවෝ..

March 23, 2021 at 1:12 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවට පහර දෙන කණ්ඩායම අතර මැතිවරණයෙන් පැරදුණු පොහොට්ටු දේශපාලකයින් ඇතැයි කොටුවේ පොඩි හාමුදුරුවෝ හෙවත් අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ පවසති.

එයට හේතුව පැරදුණු මැති ඇමැතිලාට සංස්ථා සභාපතිකම්, අධ්‍යක්ෂකකම් ලබා නොදීම බව ද එහිමියෝ පෙන්වා දෙති.

පාරවල් කොන්ත්‍රාත් ගැනීමට හාමුදුරුවරුන් අමාත්‍යංශයට පැමිණෙන බවත් කොන්ත්‍රාත්තුව නොලැබුණු විට ආණ්ඩුවට පහර ගසන බවත් උන් වහන්සේ හෙළිදරව් කළහ.

රටේ වනාන්තර විනාශයක් සිදුවන බවත් ඊට මුවා වී දේශපාලන පරාජිතයින් ද පරිසරවේදීන් ලෙස පැමිණිය හැකි බවත් එහිමියෝ සඳහන් කරති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *