පාතාළයේ පත්තු වෙන්නේ හමුදා අවි ද…? ගිනි අවි ගබඩා දැඩි අධීක්ෂණයට…!

February 5, 2024 at 11:29 am | by emanisa.lk

යුද හමුදා කඳවුරුවලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත.

රට පුරා පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් රැසකට සක්‍රීය සේවයේ යෙදුණු හමුදා පොලිස් භට පිරිස් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

හමුදා කඳවුරුවලින් නිකුත් කෙරෙන ගිනි අවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

එසේම අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *