පාඨලී, සජිත්ට එරෙහිව ප්‍රහාරය අරඹයි….! පොදු විපක්ෂ නායකත්වයට කරූ ගෙනේ….!

July 19, 2021 at 11:33 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයේ නායකත්වය හිටපු කතානායක කරූ ජයසූරියට හිමි විය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

පසුගිය 17 වෙනි දා කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂ කණ්ඩායම් හමුවේ දී පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේ ය.

පසුගිය දින 52 පාලන සමයේ හිටපු කතානායකවරයා ප්‍රදර්ශනය කළ විශිෂ්ට නායකත්වය ඒ සඳහා හේතුව බව ඔහු අවධාරණය කළේ ය. මෙම හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියේ ය.

කරූ ජයසූරිය නායකත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වටා ගොනු වී ඉදිරියට යා යුතු බව ද පාඨලී චම්පික යෝජනා කර තිබේ.

ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට පැමිණිය ද පාඨලී චම්පික රණවකට කිසිදු වගකිව යුතු තනතුරක් ලබා නොදීමට සජිත් ප්‍රේමදාස කටයුතු කිරීම පිළිබඳ පාඨලී දැඩි අසතුටින් පසුවන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *