ප්‍රමාදය අවසන්… පොහොර තොග වරායට…අද රාත්‍රියේ ම ගොවිබිම් වෙත…!

October 13, 2021 at 7:41 pm | by emanisa.lk

මහ කන්නයට අවශ්‍ය පළමු ⁣පොටෑසියම් පොහොර තොගය ලංකාවට පැමිණ තිබේ.

මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙ.ටොන් 30000ක් මෙලෙස අද(13)කොළඹ වරායෙන් ගොඩබෑවේය.

ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *