ප්‍රබල ඇමතිට සේනා දළඹුවා සුරභිදෙනක් වෙයි! බඩ ඉරිඟු ආනයනයෙන් රු. ලක්ෂ 800ක කොමිස් කුට්ටියක්!

September 22, 2019 at 9:54 am | by emanisa.lk

බඩඉරිඟු මෙට්‍රික් ටොන් පනස් දහසක් ආනයනය කිරීමට බලපත්‍ර දීම සඳහා කිලෝවකින් රුපියලක කොමිස් මුදලක් ප්‍රබල ඇමැතිවරයකු ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බඩඉරිඟු තොගය ආනයනය කිරීමේදී එම ඇමැතිවරයාට රුපියල් ලක්ෂ පන්සීයක කොමිස් මුදලක් ලැබෙනු ඇත.

පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කළේ රටේ අවශ්‍යතාව මත බඩඉරිඟු මෙට්‍රික් ටොන් අසූ දහසෙන් මෙට්‍රික් ටොන් පනස් දහසක් ආනයනය කිරීමටය. එම තොගය ලබන වසරේ ජනවාරි 31 වැනි දිනට පෙර ආනයනය කර අවසන් කළ යුතුව තිබේ.

පසුගිය මහ කන්නයේ දී ඇති වූ සේනා දළඹු විනාශය නිසා බඩඉරිඟු අස්වැන්න සියයට අසූවකට (80%) ආසන්න විනාශ විය.

ඉදිරියේ දී ඉතිරි මෙට්‍රික් ටොන් තිස් දහස ද ආයනය සඳහා අවස්ථාව ලැබෙන්නේ නම් ඇමතිවරයාට රු. ලක්ෂ 800ක කොමිස් මුදල් හිමි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස