ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරියේ දී දේශපාලන තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ක්ෂේත්‍රයෙහි කතාබහක් ඇති වී තිබෙන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
ඇමතිවරයා ඉදිරියේදී කටයුතු ආකාරය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉකුත්දා රහස් ඡන්දයක් ද පවත්වා ඇතැයි සඳහන්ය.
අර්ජුන රණතුංග මේ වන විට පෞද්ගලික සංචාරයක් සඳහා ප‍්‍රංශය බලා ගොස් සිටින අතර ඔහුගේ අනුදැනුම මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දී ඉකුත්දා මෙම රහස් ඡන්දය පවත්වා ඇත.
ඉන් විමසා ඇත්තේ අභියෝග භාරගත් නායකයා සමග ඉදිරියේදී දේශපාලනය කළ යුතු ද නැතිනම් ඉන්නා තැනම සිටිමින් දේශපාලනය කළ යුතුද යන්න සම්බන්ධයෙනි.
මත විමසුමේ ප්‍රතිඵල ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට යවා ඇති අතර ප්‍රතිඵලය කුමක් දැයි තවමත් හෙළිව නැත.
කෙසේ වුවද එම මත විමසුමේ ප්‍රතිඵලය අනුව අමාත්‍යවරයා ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට ඉඩකඩක් ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.