ප්‍රබල ඇමැතිගේ සැප බසය ප්‍රපාතයට පෙරළේ…! සුරතල් බල්ලාට කිසිම හානියක් නෑ…!

July 27, 2023 at 11:34 am | by emanisa.lk

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ට අයත් සුඛෝපභෝගි බස් රථයක් හපුතලේ ප්‍රදේශයේ දී ඊයේ දිනයේ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු හා ඇමතිවරයාට අයත් සුරතල් බලු පැටියා පමණක් එහි සිට ඇති බවයි.

අනතුරෙන් බස් රථයට හානි සිදු වී තිබුණද රියදුරුට හෝ බලු පැටවාට අනතුරක් සිදුවී නැතැයි ද පොලිසිය කියා සිටියි.

මෙම බස් රථය බලු පැටවාට ඇති වී තිබෙන අසනීපයකට ප්‍රතිකාර ගෙන කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම බස් රථය පෙරළී ඇත්තේ රියදුරුට නින්ද යාම මතයි.

මෙම බස් රථය ඇමැති හරීන් ප්‍රනාන්දුට අයත් බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *