පළාත් සභා ඡන්දේ තිබ්බොත් ආණ්ඩුව පරාදයි….! බුද්ධි අංශ වාර්තා දෙකකින් ම හෙළි වෙයි….!

January 4, 2021 at 3:35 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් රජය ඉන් පරාජයට පත් වන බව බුද්ධි අංශ විසින් සමීක්ෂණයකින් හෙළි කරගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සෙංකඩගල ආසනයේ සමගි ජන බලවේගය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වීමත් සමග ආණ්ඩුව බුද්ධි අංශ යොදවා සමීක්ෂණ දෙකක් සිදු කළ බවත් ඒ සමීක්ෂණ දෙකෙන්ම ආණ්ඩුව පරාජයට පත් වන බව හෙළි වී ඇති බවත් ඔහු එහි දී අනාවරණය කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *