පළාත් සභා ඡන්දය ඉල්ලා ජනපති උසාවි යයි!

February 3, 2019 at 9:00 am | by admin

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය හැකි ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව දැනට විසිරී නොමැති පළාත් සභාත් ඇතුළුව සියලු පළාත් සභාවල මැතිවරණ එකවර පැවැත්විය හැකිද යන්න අධිකරණයෙන් විමසා බැලෙනු ඇත.

සීමා නිර්ණන කටයුතු අවසන් නොමැති නිසා නව ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි වීම අධිකරණයේ මතය විමසීමට හේතුවය. අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තියේ සඳහන් වන්නේ රටේ කිසියම් නිශ්චිත කාරණයක් සම්බන්ධව අලුත් නීතියක් සම්මත වුවද එය කිසියම් හේතුවක් මත ක්‍රියාත්මක නොවන අවස්ථාවල පැරැණි නීතිය බලාත්මක බවය.

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීම ගැන තීන්දුවක් ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ලබන සතියේ විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා ඇත. කෙසේ වුවද අමාත්‍ය පාඨලි චම්පික රණවක පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ පැරණි මනාප ක්‍රමයට ඡන්දය පැවැත්වීමට සිදුවන්නේ නම් එය කනගාටුදායක කාරණාවක් බවය. එජාපයේ බොහෝ නායකයන් පවසන්නේ පළාත් සභා මැතිවරණය නොව ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *