පළාත් සභා ඡන්දයට ශ්‍රීලනිපය තනිව තරඟ බිමට…?

October 15, 2021 at 1:45 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් සහ ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව සිය තරුණ පෙරමුණ සහ කාන්තා සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (15) රැස්වීමට නියමිතය.

මෙම සංවිධාන දෙකේ ප්‍රතිසංවිධාන කටයුතු වසර ගණනකින් සිදු කර නොමැති බවත් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමත් සමග දිස්ත්‍රික් හා ආසන බලමණ්ඩල ශක්තිමත් කිරීම කඩිනම් කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *