පහළ ගිය උද්ධමනය යළි ඉහළට…!

December 21, 2023 at 7:38 pm | by emanisa.lk

2023 ඔක්තෝබර් මාසයේ දී 1.0% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ 2.8 % ක් දක්වා වැඩි වී ඇත.

අද (21) ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඔක්තෝබර් මාසයේ දී -5.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ දී -2.2 % ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, ඔක්තෝබර් මාසයේ දී 6.3 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද නොවැම්බර් මාසයේ දී 7.1 % ක් දක්වා වැඩි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *