පඬුවස්නුවර සමූපකාර ඡන්දේ ශ්‍රීලනිපය දිනූ කතාව බොරුවක්….! මෛත්‍රී සජිත් දෙපිළ හොරු රකින්න ගේමක් ගහල…!

April 12, 2021 at 8:03 pm | by emanisa.lk

ශ්‍රී ලංංකා පොදුජන පෙරමුණ මගින් පඬුවස්නුවර විවිධ සේවා සමූපකාර ඡන්දය පිළිබඳ සිදුකර ඇති පැහැදිලි කිරිමක් පහත් දැක්වෙයි.

සීමාසහිත පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ සිදු වී ඇති විශාල මුදල් වංචාවකට අදාලව එහි සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබූ අතර මූලික විමර්ශනයකින් හා මූලික පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් වැරදිකරුවන් බවට නිර්දේශ ඉදිරිපත් වී ඇත.

ඒ අනුව අවසන් පරීක්ෂණය කල යුතු යැයි නිගමනය කර තිබුණි. මූලික පරීක්ෂණය කර දැනට මාස 18 ක ටත් වැඩි කාලයක් ගතවී ඇතත් එම අවසන් පරීක්ෂණය තවම සිදු කෙරුණේ නැත. වංචනිකයින් ආරක්ෂා කිරීම සඳහා එම පරීක්ෂණය දිගින් දිගටම යට ගැසීමට සමුපකාර සමිතියේ සභාපතිවරයා හා උපසභාපතිවරයා
ඇතුළු අධ්‍යක්ෂවරු කීපදෙනෙක් ක්‍රියාකරන බවට සමුපකාර කොමසාරිස්වරයාට ද තොරතුරු ලැබී තිබුණි.

සමුපකාර කොමසාරිස්වරයා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගණනාවක් ම ගත් නමුත් අධිකරණ ක්‍රියා මාර්ගයක් ඔස්සේ කොමසාරිස්වරයාගේ තීරණ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

අධ්‍යක්ෂවරු තිදෙනෙක් එම පරීක්ෂණය කඩිනමින් කළ යුතුය යන සටන දිගින් දිගටම ගෙන යාම නිසා සභාපති උප සභාපති ඇතුළු අධ්‍යක්ෂවරු කීප දෙනෙකුගේ මෙහෙයවීම යටතේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලදී.

කොමසාරිස්වරයා විසින් ගත් තීරණවලට එරෙහිව අධිකරණයෙන් ලබාගත් තාවකාලික අත්හිටුවීමේ නියෝගය නිසා ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අප්‍රේල් මස 10 දින මහා සභා නියෝජිතයින්ගේ රැස්වීමක් කැඳවා තිබුණි. එදිනට පෙර සෑම මහා සභා නියෝජිතයෙකුගේ නිවසට ම සමුපකාරයේ මුදල්වලින් භාණ්ඩ මල්ලක් ලබාදුන් අතර එය විශ්වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීම සඳහා දෙන ලද අල්ලසක් බව බොහෝ අයගේ මතයයි.

අධිකරණයෙන් ලද තාවකාලික අවසරය පදනම් කරගෙන නීති විරෝධී ලෙස මහා සභා නියෝජිතයින්ගේ රැස්වීමක් තබා විශ්වාසභංග යෝජනාව සම්මත කරගෙන වංචාවට එරෙහිව ක්‍රියා කළ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉවත් කරන ලදී. මෙම ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පූර්ණ සහාය මෙම කණ්ඩායමට ලැබුණි. අධ්‍යක්ෂවරු දෙදෙනා ඉවත් කළ පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මහා සභා නියෝජිතයින් විශාල පිරිසක් රැස් වීමෙන් ඉවත් ව ගිය අතර ඉන්පසු නීති විරෝධී ලෙස ඉතිරි වූ අයගේ ඡන්දයෙන් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පත්කර ගන්නා ලදී.

ඒ අනුව මෙම වංචනිකයින් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මහ සභා නියෝජිතයින් සෘජුවම දායක වූවා පමණක් නොව ඒ සියල්ල සැලසුම් කිරීමට ද ක්‍රියා කරන ලදී. මෙසේ විශ්වාසභංග යෝජනාවකින්
වංචාවට එරෙහි වූ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉවත්කර ඒ වෙනුවට වංචනික ලෙස හා උපක්‍රමශීලි ලෙස වෙනත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කර ගත්තා විනා පඬුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයක් නොපැවැත්වුණ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ වැරදි මාධ්‍ය ප්‍රචාරණයන් නිවැරදි කරන මෙන් අදාළ මාධ්‍යවලින් ඉල්ලා සිටිමු. වංචාවට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට සහ මහා සභා නියෝජිතයින්ට ස්තුතිවන්ත වෙමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *