පක්ෂයේ මත්පැන් බීම තහනම්! සම්ප්‍රදාය කඩලා නම් පියවර ගන්නවා! බීවේ ඇයි කියලා ලාල්ගෙන් අහලා බලන්න ඕන!

March 4, 2019 at 7:43 am | by admin

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන කේ.ඩී. ලාල් කාන්ත ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කියා සිටියේ ලාල් කාන්ත හිටපු මන්ත‍්‍රීවරයා පක්ෂයේ සම්ප‍්‍රදායන් කඩකර තිබුණහොත් ඊට එරෙහිව පියවර ගැනීමට සිදු වන බවයි.

“ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදුකරේ නැහැ. අවශ්‍ය තීන්දු තීරණ අධිකරණයෙන් ලබාදී දින 14ක කාලයක් රිමාන්ඩ් ගත කරලා තියෙනවා. ලාල් කාන්ත සහෝදරයා ආවට පස්සේ ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා බලන්න ඕනේ. මොකක්ද සිද්ධ වුණේ, ඇයි ඔහු බීමතින් සිටියේ කියලා. පක්ෂයක් වශයෙන් දුම්බිම, මත්පැන් පානය කිරීම ආදී කරුණු දේශපාලනික සහ ආර්ථික හේතු නිසා අපි තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ මීට වසර ගණනාවකට පෙරයි.” මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *