නෞකා ගින්නෙන් ජීවිකාව අහිමි වූ පවුල් 9800කට 5000 දීමනාව….! කෝටි 05කට අධික මුදලක් වෙන් කෙරේ…!

June 14, 2021 at 11:38 am | by emanisa.lk

එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් 9883කට රුපියල් 5000 දීමනාව ලබා දිමට කටයුතු කර ඇතැයි ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් පවසයි.

ඒ යටතේ මීගමුව, වත්තල, කටාන සහ ජාඇළ ප්‍රදේශවල පිරිසකට මෙම වන්දි මුදල් හිමි වේ.

සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6042ක්, වත්තල ධීවර පවුල් 1409ක්, කටානෙ ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69ක් සඳහා මෙම වන්දි මුදල් හිමිවන බව ද දිසාපතිවරයා කියයි.

මෙම ගින්න නිසා වක්‍රව සිය ජිවනෝපාය අහිමි වූ මීගමුවේ පවුල් 1991ක්, වත්තල පවුල් 116ක් කටානේ පවුල් 14ක සහ ජාඇළ පවුල් 09 දෙනකුට ද 5000 වන්දි මුදල් හිමි වන බව ගම්පහ දිසාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ සඳහා වෙන් කළ මුදල රුපියල් 49,415,000කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *