නෙළුම් කුලුනින් මාටියා ගසා අතුරුදන් වූ බව කී සමාගම මතුවෙයි! නිවේදනයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රීි බොරුකාරයෙක් බව ලොවටම කියයි…

September 21, 2019 at 9:39 am | by emanisa.lk

නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් 2015 වසරේ තම සමාගම ඉවත් වූ බවත් CEIEC සමාගම එහි කටයුතු එතැන් සිට තනිව කළ බවත් එය ව්‍යාපාර ලෝකයේ සාමාන්‍ය සංසිද්ධියක් බවත් චීන ALIT සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව බිලියන 02ක මුදල ගෙවූයේ CEIEC සමාගමට බවත් එම මුදල සම්පූර්ණයෙන්ම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ බවත් ALIT සමාගම සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

නෙළුම් කුලුන විවෘත කිරීම එම ව්‍යාපෘතියේ සංධිස්ථානයක් මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රශීලි සම්බන්ධයේ සංධිස්ථානයක් බව ද පෙන්වා දෙන ALIT සමාගම චීන රාජ්‍ය සමාගමක් වන තමන් රටවල් 40ක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සිය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් සමාගමක් බව ද අවධාරණය කරයි.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා ඉදිරියේ දී ද සහාය දක්වන බවත් ALIT සමාගම පවසයි.

කෙසේ වුවද එජාප විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජමාධ්‍යකරුවන් නෙළුම් කුලුන ඉදිකිරීමෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රු. බිලියන 02ක් සොරකම් කළේ යැයි ප්‍රචාරය කිරීමට විශාල වෙහෙසක් දරනු දැකිය හැකි විය..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස