නෙලුම් කුලුනට ඩොලර් බිලියනයක ආයෝජනයක්…!

November 18, 2022 at 9:29 pm | by emanisa.lk

කොළඹ නෙළුම් කුලුණ සමාගම සහ සිංගප්පූරුවේ Kreate Design Pte Limited   අතර ආයෝජන ගිවිසුමකට අද (18) දින අත්සන් තබා තිබේ.

එම ගිවිසුමට අනුව ඉදිරි මාස 06 ක කාලපරිච්ඡේදය තුළ ජල ක්‍රීඩා ද ඇතුළත් අංගසම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් නෙළුම් කුලුන පරිශ්‍රය තුල ස්ථාපිත කෙරෙනු ඇත.

“නෙළුම් කුලුනට අපි අද මේ ගෙනල්ලා තියෙන ආයෝජනය ලංකාවට දැනට ඇවිත් තියෙන විශාලම ආයෝජනය බවට පත්වෙනවා.

මෙය ඊළඟ වසර 2-3 ඇතුළත ඩොලර් බිලියනයක ආයෝජනයක්. ඊටත් එහා ගිය ඩොලර් බිලියන ගණනක් අපිට මේ තුළින් ගේන්න පුළුවන්“, යැයි මෙම අවස්ථාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *