නෙල්සන් මැන්ඩෙලා වෙන්න හිටි ජනාධිපති සිරිසේන කැමිලස්ගේ ගජමෑන් වීම ගැන කනගාටුයි! – සන්නස්ගල

May 17, 2019 at 7:19 am | by admin

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ළඟ ෆේක් චරිත 40ක් පමණ ඇතැයි උපුල් ශාන්ත සන්නස්ගල පවසයි. මහින්ද රාජපක්ෂ අතේ ගුලි කරගෙන සිටි වශී බෝලයට තමා 2015 ජනාධිපතිවරණ වේදිකාවේ සිට පහර දෙන විට හක හක ගා සිනාසුණු මෛත්‍රීපාල සිරිසේන ද අද ගුලියක් කරකවන්ට පටන් ගෙන ඇතැයි හෙතෙම පවසයි.

2015 ජයග්‍රහණයත් සමග නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්න සිටි මනුස්සයෙක් කැමිලස්ගේ ගජමැන් වෙමින් සිටීම පිළිබඳ පොඩි කනගාටුවක් ඇතැයි ද ඔහු පවසයි.

ෆේස්බුක් වසාදමා ප්‍රශ්න නිරාකරණය කළ නොහැකි බවත් සියල්ල විවෘත කළ යුතු බවත් පවසන සන්නස්ගල මෙම අර්බුදය ඉදිරියට ගියහොත් සංචාරක කර්මාන්තය ඇතුළු සියල්ල කඩා වැටී රට සිරියාවක් වනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස