නූතන සුජාතා සිටු දේවිය විශාකාව බන්දුල මල්ලිකාව ජලනි ප්‍රේමදාසයි…!

June 17, 2023 at 4:19 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි දෛත්‍යා ප්‍රේමදාස වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී” ගෞරව නාමය කහගොල්ල, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේ දී අද (17) දින පිරිනැමිණි.

සම්බුදු සසුන රැක ගැනීම සඳහා ජලනි ප්‍රේමදාස මැදිහත් වන බවත් සජිත් ප්‍රේමදාස සිදු කරන ශාසනික සේවාව පිටුපස සිටින්නේ ඈ බවත් එම උත්සව අවස්ථාව අමතමින් භික්ෂූන් වහන්සේ පැවසූහ.

විපක්ෂ නායකතුමා, වෙහෙර විහාර ඉදිකරමින් භීක්ෂූන් වහන්සේ නමක් අසනීප වූ විට ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බව ද එහිමියෝ සඳහන් කළහ.

බුදුන් ජීවමාන කාලයේ විසූ සුජාතාව, බන්දුල මල්ලිකාව, විශාකාව නොදුටු තමන්ට ඔවුන් සිතෙහි මවා ගන්නට අවස්ථාව ලබා දුන්නේ ජලනි ප්‍රේමදාස බවයි, එම උත්සව අවස්ථාව මෙහෙය වූ නිවේදකතුමා ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *