නුවර අධිවේගය හැදුවා නම් ආණ්ඩුවට විශාල ගෞරවයක්! චීන්නු මහින්දට උදව් කරන්න හිතාමතා අධිවේගයේ වැඩ ප්‍රමාද කළා!- ඇමති කිරිඇල්ල

July 14, 2019 at 6:15 pm | by emanisa.lk

අධිවේගී මාර්යක් තැනීමේ අපහසුම සහ වැදගත්ම කොටස එය ආරම්භ කිරීම බවත් තම ආණ්ඩුව නුවර කොළඹ අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කළ බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එම මාර්ගය කඩවත-මීරිගම, මීරිගම-කුරුණෑගල, කුරුණෑගල-මහනුවර යනුවෙන් අදියර තුනකින් සමන්විත බව පෙන්වා දුන් ඇමතිවරයා එහි මීරිගම-කුරුණෑගල කොටස දේශීය අරමුදල්වලින් තැනූ බවත් එහි ඉදිකිරීම් මේ වසරේ අවසන් කරන බවත් පැවසුවේය.

කෙසේ වුවද කඩවත මීරිගම කොටස ඉදිකිරීම භාරගත් චීන සමාගම හිතාමතා ප්‍රමාද කළ බවත් ඒ මහින්ද රාජපක්ෂට උදව් කිරීමේ අරමුණින් බවත් හෙළි කළේය.

කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම් අවසන් කළේ නම් එය ආණ්ඩුවට මහත් ගෞරවයක් බවත් මෙහි කටයුතු ආරම්භ කර දැනට වසර 04ක් බවත් තවත් වසර 03ක් ඇතුළත එහි කටයුතු නිමා කරන බවත් සඳහන් කළේය.

සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවක දී මෙම අදහස් පළකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස