නීතියට වැඩ කළ සතොස කළමනාකරුට පොහොට්ටු මන්ත්‍රීගෙන් කනේ පාරක්….!

September 4, 2021 at 7:32 am | by emanisa.lk

හැටන් සතොස ශාඛාවේ කළමනාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක විසින් පහර දුන් බවට කළමණාකාරවරයා විසින් සතොස ඉහළ කළමණාකාරිත්වය වෙත පැමිණිලි කර ඇත.

නාගරික මන්ත්‍රිවරයා පෙරේදා (01) පස්වරුවේ පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලු බවත්, එහිදි සේවකයන් විසින් තමන් වෙත සතොස ඉහළ කළමණාකාරිත්වය විසින් ලබා දි ඇති උපදෙස් අනුව එක් පරිප්පු කිලෝවක් පමණක් ලබාදිමට හැකි බව මන්ත්‍රිවරයාට පවසා ඇත.

එම අවස්තාවේ උරණ වු නාගරික මන්ත්‍රිවරයා සතොස ශාඛාවේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන කලහකාරි ලෙස හැසිරි පසුව එම ස්ථානයට පැමිණි එම ශාඛාවේ කළමනාකාරවරයාට බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කර ඇත. පහර දෙන අවස්තාවේ සතොස ශාඛාවේ සෙසු සේවකයින් මන්ත්‍රිවරයා අල්ලා එම ස්ථානයේ රාජකාරි කටයුතු කළ හැටන් පොලිස් නිලධාරියෙකුට භාර දි ඇත.

සතොස ශාඛාවේ ඉහළ කළමණාකාරිත්වයේ උපදෙස් අනුව තමන්ට නාගරික මන්ත්‍රිවරයා පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරන බවද හැටන් සතොස ශාඛාවේ කළමනාකාරවරයා පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *