නිරෝධායනය කළ පවුල්වල දරුවන් පාසල් එවන්න එපා! – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

November 27, 2020 at 8:50 am | by emanisa.lk

නිරෝධායනයට ලක්වන නිවසක දරුවන් පාසල් වෙත එවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් වසංගත තත්ත්වයක් උද්ගත වී ඇති අවස්ථාවක සිය දරුවන් පාසල් වෙත නො එවීම එම දෙමාපියන්ගේ වගකීමක් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පවසයි.

පාසල් දරුවන් ක්ලාන්ත වීම අසාමාන්‍ය දෙයක් නොවන බවත් ක්ලාන්ත වූ පමණින් එම දරුවන් කොරෝනා ආසාදිත යැයි නාමකරණය කිරීම නොකළ යුතු බවත් වෛද්‍යවරිය පවසයි.

එවැනි සිද්ධි ප්‍රචාරය කර සමාජයේ අනවශ්‍ය බියක් ඇති නොකළ යුතු බවත් පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවල තත්ත්වය අධීක්ෂණය කරන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *