නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඒකඡන්දයෙන් මන්ත්‍රීවරියක්…!

May 14, 2022 at 1:15 pm | by emanisa.lk

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඒකඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පත්කර ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ අවස්ථාව තනතුරු සඳහා කුළල් කා ගනිමින් බෙදා වෙන් වන්නට අවස්ථාව නොවන බව ප්‍රකාශ කළ අගමැතිවරයා එම තනතුර මන්ත්‍රීවරියකට ලබා දී පාර්ලිමේන්තු කාන්තා නියෝජනය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටින්නැයි මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලා තිබේ.

එළඹෙන මැයි 17 වෙනිදා පාර්ලිමේන්තුව කැඳ වූ පසු නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක පත්කර ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *