නින්දා සහගත 13 ඉන්දියාව ලියා එවූ කොල කෑල්ලක් විතරයි..! – ගෙවිඳු…

February 13, 2023 at 6:17 pm | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවෙහි කොටසක් වුව ද එය සම්මත කරගත් ආකාරය සාධාරණ දැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කරයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එවක එජාප මන්ත්‍රීවරුන්ගෙන් දින යොදා නොමැති ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගෙන ඔවුන් කොළඹ හොටෙල්වල නිවාස අඩස්සියට පත් කොට එම සංශෝධනය අනුමත කර බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එසේ ම එම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව වූ භික්ෂූන් වහන්සේලා සහ තමා ඇතුළු ජාතිකවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගෙන සිරගත කොට බලහත්කාරයෙන් අනුමත කරගත් 13 වන සංශෝධනයේ ඇති වලංගුභාවය කුමක් දැයි ගෙවිඳු කුමාරතුංග වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

මේ මහ පොළොවේ නොමැති දුම්රිය ප්‍රදේශ පිළිබඳ පවා කියැවෙන එම සංශෝධනය ඉන්දියාව විසින් ලියා එවන ලද කොල කෑල්ලක් පමණක් බවත් මෙම නින්දා සහගත සංශෝධනය අදවත් ව්‍යස්ථාවෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *