නැවත දේශපාලනයට එන්නැයි ගෝඨාභයට දැඩි ඉල්ලීම්..!

September 17, 2022 at 7:32 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ලෙස දැඩි ලෙස ඉල්ලීම් ලැබෙමින් ඇතැයි වාර්තා වෙයි.

පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් ඇතුළු පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහයෝගය ලබා දුන් විවිධ පාර්ශ්ව මිරිහානේ නිවසට පැමිණ මෙම ඉල්ලීිම කරමින් ඇතැයි දැන ගන්නට තිබේ.

කෙසේ වුව ද හිටපු ජනාධිපතිවරයා දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටීමේ ස්ථාවරයක සිටින බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *