නාන කාමරේ ඇඳුම් මාරු කළ හෙදිය වීඩියෝ කරලා..! රෝහල් සුළු සේවකයා අත්අඩංගුවට..!

November 28, 2023 at 9:06 am | by emanisa.lk

උඩුගම රෝහලේ හෙද නිලධාරිනියක විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම්මාරු කරමින් සිටිය දී එය සිය ජංගම දුරකතනයෙන් විඩියෝ කළ සුලු සේවකයකු උඩුගම පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙ‍සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ සුළු සේවකකු වන වලහන්දුව පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

හෙදිය නාන කාමරයට ගොස් ඇඳුම් මාරු කරමින් සිටිය දී විඩියෝ කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *