නවුෆර් මවුලවි ඇතුළු පාස්කු සැකකරුවන් නිදහස් කරන්න ලක්ෂ 25ක් අරන්…!

October 18, 2021 at 11:36 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන නව්ෆර් මව්ලවි ඇතුළු තිදෙනකු මුදාහැරීමට හැකි බව පවසා රුපියල් ලක්ෂ විසිපහක් පවුලේ අයගෙන් ලබාගත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්ත​ෙම්න්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක පේදුරු ආරච්චි නමින් පෙනී සිටිමින් නව්ෆර් මව්ලවිගේ බිරිඳගෙන් පමණක් රුපියල් දහඅට ලක්ෂ දසදහසක් අවස්ථා කිහිපයකදීම වංචා කර ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

මොහාමඩ් සියාම් මොහමඩ් ශිමිෂාඩ් නමැති පාස්කු ප්‍රහාරයට සම්බන්ධව රඳවා සිටිනු තවත් ප්‍රබලයකු මුදාහැරීමට ඔහුගේ සොහොයුරාගෙන් රුපියල් ලක්ෂ පහළොවක් ඉල්ලා ඇත. එහි දී රුපියල් ලක්ෂ දොළහක් ගෙවන පොරොන්දුව මොහුට රුපියල් ලක්ෂ 04ක අත්තිකාරමක් ගෙවීමට සැකකරුගේ සොහොයුරා කටයුතු කර ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ රඳවාගෙන ප්‍රශ්න කරන ෆාතිමා රිකාසා නමැති සැකකාරිය නිදහස් කරදෙන බව පවසා ඇයගේ පවුලේ අයගෙන් ද රුපියල් තුන්ලක්ෂ දහඅට දහසක් වංචා කර තිබේ. සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් මාර්ගයෙන් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඥාතීන් හඳුනාගත් බව පවසා තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *