ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි…!

July 20, 2022 at 1:05 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා හෙට(21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය වෙනුවෙන් ධම්මික පෙරේරා පසුගිය ජුනි 22 වැනිදා පාර්ලිමේන්තුවට පිවිසුණි.

පසුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජුනි 24 දිවුරුම් දුන් හෙතෙම ජුලි 10 වැනි දින ඉල්ලා අස්විය. ඔහු අමාත්‍ය ධුරය හෙබවූයේ දින 16ක් වැනි කෙටි කාලයකි.

ධම්මික පෙරේරා අට වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේ දී ඡන්දය ද භාවිත කළ අතර ඔහු ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සමයේ එවක අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *