ධම්මිකගේ පුටුවට තුන් කොන් සටනක්…!

July 23, 2022 at 10:00 am | by emanisa.lk

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය ලබා ගැනීමට තිදෙනකු ඉදිරිපත් වී සිටිති.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම්, මිල්කො සභාපති රේණුක පෙරේරා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ එම තිදෙනාය.

එහෙත් මන්ත්‍රි ධුරයට පත් කරන්නේ කවුද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

හිටපු සභාපති ලසන්ති වික්‍රමසිංහ යටතේ නැවත ලාභ ලැබීමට පටන් ගත් මිල්කො ආයතනය මාස කිහිපයක් ඇතුළත පාඩු ලබන තැනට ඇද දැම්මේ එහි වර්තමාන සභාපති රේණුක පෙරේරා බවට සේවකයෝ චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *