දෛනික ආසාදිතයින් ගණන 2000 ආසන්නයේ….! අද ආසාදිතයින් 1913ක්….කොවිඩ් මරණ 13ක්….!

May 3, 2021 at 11:46 pm | by emanisa.lk

අද (03) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,913ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 967ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 98,209ක් වේ.

තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 709ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *