දේශීය කොරෝනා බෙහෙත එංජින් ඔයිල් වගේ! ඕවා බීලා අමාරුවේ වැටෙන්න එපා! – රනිල්

December 14, 2020 at 3:39 pm | by emanisa.lk

කොරෝනා සඳහා තහවුරු නො කළ ඖෂධ පිළිබඳව රජයේ මැති ඇමතිවරුන් මත පල කිරීම නොකෙළ යුතු බව එක්සත් පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු‍ මෙසේ සඳහන් කොට ඇත්තේ බියගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

“අඩු ගණනේ පාවිච්චි කළ යුතුව ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිවයි. එහෙම නැතිව එන්ජින් ඔයිල් බොන්නට යෑමෙන් අවසානයේ සිදුවිය හැකි දේ සිතා ගන්නට බැරි වෙයි.”

වරක් අපේ රටේ සිද්ධ වුණ වද කහ සුදිය සිද්ධියත් මතකයට එනවා මේවා දකිද්දි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්දන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කොරෝනා සඳහා බෙහෙතක් නිෂ්පාදනය කිරීමට එක්ව කටයුතු කරනවා. ඒ සඳහා සහාය දැක්වීමට ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද කියලා මම අහනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *