දෙමළ සන්ධානය ආණ්ඩුව රකින්න මරාගෙන මැරෙන සටනක! පරාජිත වැය ශීර්ෂ දෙකටත් ආණ්ඩුවට වෙනුවෙන් අත උස්සලා!

March 31, 2019 at 1:41 pm | by admin

පසුගියදා පාර්ලිමේන්තුවේ දෙවෙනි අයවැය දෙවෙනි වර කියවීමේ දී පරාජයට පත් වූ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක සඳහා ද දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දී ඇති බව හෙළි වී තිබේ.

මෙම ඡන්ද විමසීමේ දී මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබිණි. පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබිණි.

එම ඡන්ද විමසන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොසිටි අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙකු සිට ඇත. ඒ දෙදෙනාම අදාළ වැය ශීර්ෂ දෙක සඳහා පක්ෂව ඡන්දය ලබා දී තිබේ. ඒ අනුව අමාත්‍ය පාඨලිගේ වැය ශීර්ෂයට ඡන්දය ලබා දී ඇත්තේ එජාප මන්ත්‍රීවරු 22ක් පමණි. අමාත්‍ය වජිර අබේවර්ධනගේ වැය ශීර්ෂයට ඡන්දය ලබා දී ඇත්තේ එජාප මන්ත්‍රීවරු 21ක් පමණි.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා බල පෙරළිය වන තුරුම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇතුළු සියලු බලතල භුක්ති වින්දේ දෙමළ ජාතික සන්ධානය වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *