දෙමළ මුස්ලිම් පක්ෂ අපේක්ෂකයන්ට සමගි බලේ අපේක්ෂකත්වය නෑ! – කිරිඇල්ල…

December 14, 2020 at 11:49 am | by emanisa.lk

ඉදිරියේ දී මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල පවසයි.

සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ දී විශාල පාවාදීමක් කළ බවත්, වෙනත් පක්ෂයක නියෝජිතයින් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලු තිබෙන බවත් ඔහු කීය.

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් මහත්වරුන් ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී තීරණයක් ගෙන නොමැති නිසා පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ටද නැතැයි හෙතෙම අවධාරණය කළේය.

පසුගිය මහා මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ලක්ෂ්මන් කිරිඇල්ල සමගි ජන බලවේගයේ ජයග්‍රාහී ලැයිස්තුවේ අවසාන අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවට තේරිපත්විය. රවූෆ් හකීම්, අබ්දුල් හලීම් සහ එම්. වේලුකුමාර් යන මුස්ලිම් සහ දෙමළ අපේක්ෂකයන් තිදෙනා වැඩි ම මනාප ලාභීන් බවට පත් වූ අතර කිරිඇල්ල මනාප ලැයිස්තුවේ අන්තිමයා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස