දුප්පත්කම වැඩි වීම නිසා ඇති වන ජනතා නැගිටීම කිසිවෙකුට නවතන්න බෑ…! – පාඨලී…

October 7, 2022 at 7:56 am | by emanisa.lk

රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා ඉංජිනේරුවන් රටින් පිටවීම ඉහළ ගොස් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“එදා මූල්‍ය අර්බුදය ආණ්ඩුව රටට සැඟවූවා. මානව හිමිකම් ප්‍රශ්නය ජාත්‍යන්තරය කතා කරන්න පෙර රට තුළ යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.

නිල වශයෙන් ජන සංගණනයක් කරලා නැහැ. රටේ දුගීකම දෙගුණ වෙලා. විරැකියාව බැරෑරුම් තැනට වැටිලා. අපේ අපනයනවලට පිටරටවලින් දැවැන්ත බලපෑමක් එල්ලවෙලා.

මේ නිසා ඉදිරි මාස කිහිපයේදී අපේ දුප්පත්කම පිමි කිහිපයකින් ඉදිරියට යා හැකියි. එවිට ඇති වන නැගීසිටීම කාටවත් නවත්වන්න බැරිවේවි.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කඩා වැටිලා. ඉංජිනේරු ක්‍ෂේත්‍රය ඉතා අසරණයි. ඒ නිසා රටින් පිටවීම් වැඩිවෙලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *