දීඝවාපියේ පස් ගොඩකින් ඉපැරණි සමාධි බුද්ධ ප්‍රතිමාවක්…!

October 26, 2022 at 11:50 am | by emanisa.lk

දීඝවාපි පුරාණ රජමහා විහාරයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක් තුළ තිබී අඩියක් පමණ උස පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් හමු වී තිබේ.

මෙම බුදුපිළිමය අම්පාර පුරාවිද්‍යා කාර්යාලයට ගෙනවිත් ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර ඇති අතර බුදු පිළිමයේ කාලවකවානු දැනට පැවසීමට නොහැකි බව නැඟෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එම්.ජී. රත්නපාල පවසයි.

දැනට දීඝවාපි චෛත්‍යයේ ඉදි කිරීම් කටයුතු කරගෙන යන අතර ඒ සඳහා අවශ්‍ය ගඩොල් කැපීම දීඝවාපි පුරාවිද්‍යා ගොඩනැඟිල්ල ඉදිරිපිට ඇති සිවිල් ආරක්ෂක වැඩපොළේදී සිදුකරයි. එම ගඩොල් කැපීම සඳහා පස් දීඝවාපිය පූජාභූමිය ප්‍රදේශයෙන් ප්‍රවාහනය කරන අතර එම පස්වල තිබී මෙම බුදුපිළිමය හමූ වූ බව දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මහඔය සෝභිත හිමියෝ පැවසූහ.

බුදු පිළිමයේ කාල නිර්ණය සහ ඉදිරි කටයුතු සිදු කරන තෙක් දැනට පස් කපන ස්ථානයේ පස් කැපීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බව ද නැඟෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස