දිවයින පුරා පොලිස් නිලධාරීන් 297කට කොරෝනා! 180ක් ම බස්නාහිර දිසාවේ පොලිසිවලින්!

November 5, 2020 at 5:27 pm | by emanisa.lk

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් තිබේ. කොළඹ කොටුව පොලීසියේ ද තවත් 17 දෙනකුට වෛරසය ආසාදනය තිබේ.

මේ අනුව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත නිලධාරීන් ගණන 180කි. එමෙන් ම තවත් නිලධාරීන් 257ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට කොරෝනා ආසාදිත නිලධාරීන් 297ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ. මොවුන් සියලු දෙනා ම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෝ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *