දින 186ක් ඇතුළත අලි 227ක් මරු තුරුලට…!

July 7, 2023 at 8:46 am | by emanisa.lk

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ඉකුත් 05 වැනිදා දක්වා වූ 186ක කාලය තුළදී අලි 227ක් මියගොස් ඇති බව වනජීව හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම කාලය තුළ දී අලි මිනිස් ගැටුම හේතුවෙන්, අලින්ගේ පහරදීම්වලට ලක්ව මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 82 කි.

අලි මිනිස් ගැටුමට කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *