දැරිය අපයෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට….!

July 6, 2021 at 7:36 am | by emanisa.lk

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

වෛද්‍යවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයා දැරිය තැන තැන රැගෙන යාමට කුට්ටනය කළ තැනැත්තකු බවද හෙතෙම අනාවරණය කරයි.

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ දී අද (6) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹට ආසන්න රෝහලක සේවය කරන්නකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. සෙසු සැකකරු ඊයේ රාත්‍රියේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් දෙදෙනත් සමග ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රිමාන්ඩ් බාරයට පත්කර ඇත. මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දැරිය අපයෝජනය කිරීමේ චෝදනාව මත ඊයේ (05) හිටපු මාලදිවයින් රාජ්‍ය මුදල් ඇමැතිවරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *