දැන් කාටත් හොරා නැතිව බෑ!

March 4, 2019 at 3:10 pm | by admin

තමන්ට පසුගිය කාලයේදී වචනයක් නෑර හොරා යැයි කියපු අයට තමන්ව දැන් වුවමනා වී ඇතැයි හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

අනුරාධපුර ව්‍යාපාරික සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේය.

“මුළු රට පුරාම මත්ද්‍රව්‍ය ගලාගෙන එන්න පටන් ගත්තා. ඇතැම් අය කියනවා 19 නිසා දැන් කුඩු අල්ලනවා කියලා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ආණ්ඩුව පැමිණි කාලයේදී දින 100 තුළයි. කුඩු නැග්ගේ 19න් පස්සෙයි. ඒකයි ඇත්ත කථාව.

කොහොම වුණත් කුඩු නිසත් මේ ආණ්ඩුව කුඩේ කුඩු වෙනවා. FCID එක දාලා කළේ හොරා හොරා හොරා කිව්වා වචනයක් නෑර හොර කිව්වා. දැන්නම් හොරා ඕන වෙනවා හැමෝටම.” යනුවෙන් වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *