දැන් ඉස්සර වගේ එන්න කිව්වාම සූ ගාලා දාස් ගණන් එන්නේ නෑ! තිත්ත ඇත්ත ඒකයි!

February 2, 2019 at 6:06 am | by admin

අප උත්සාහ කරන්නේ අතරමං වූ ශ්‍රීලනිප පාක්ෂිකයන් එකතු කරගෙන පක්ෂය ගොඩනඟන අමාරු ගමන යාමට බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

වෙනදා වගේ එන්න කිව්වාම සූ ගාලා බඹරු ටික වගේ එක තැනට දහස් ගණන් එකතු වෙන්නේ නැති බව ද හෙතෙම පෙන්වා දෙයි. ඇමතිකම් නැතිව විපක්ෂයට ගිය විට ද ජනතාව රස්සා ගැනීමට සහ පාරවල් හැදීමට උදව් ඉල්ලා පැමිණිය ද පක්ෂ ප්‍රතිසංවිධානයට එන්නේ නැතැයි ද තිත්ත වුවත් ඇත්ත එය බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අනුරාධපුරයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *