දළදා වහන්සේට නින්දා කළ සේපාල් අමරසිංහ වසර 10ක සිරදඬුවම්..!

January 5, 2023 at 11:35 am | by emanisa.lk

සේපාල් අමරසිංහට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

“ශ්‍රී දළදා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ, ඒක නිසා ශ්‍රී දළදා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත්ම අයිතියක් නෑ.

පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල් අමරසිංහ නැමැත්තෙක් ඉතාමත් මිලේච්ඡ විදියට ඉතාමත්ම නින්දිත විදියට දළදා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාව වන අපිත් හිත් සෑහෙන්න පෑරිලා තියෙන්නේ.

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා ඔහු මිත්‍යාදෘෂ්ඨිකයෙක් කියලා ඔහුට කියාගන්න. ඒකට අපි විරුද්ධවෙන්නේ නෑ. ඔහු හිතනවා නම් ඔහු මන්දබුද්ධිකයෙක් කියලා ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නෑ.

දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්, ආණ්ඩුවක් විදියට පැහැදිළිව කියනවා මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්න හදන මේ තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”

ශ්‍රී දළදා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *