දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ ගුරුවරු නෙමෙයි, ත්‍රස්තවාදියෝ….!

September 2, 2021 at 11:12 pm | by emanisa.lk

ඇතැම් ගුරුවරුන් පහ වසර ශිෂ්‍යත්ව සිසුන්ගේ ඉල්ලුම් පත්‍ර කබඩ්වල දමා යතුරු ලා ඊට බාධා කරන ත්‍රස්තවාදීන් මට්ටමට වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන සේවා අධ්‍යාපන සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ චෝදනා කරයි.

අවු. 18ට වැඩි සිසුන්ගේ එන්නත් ලබා දීම්වලට උවමනා දුරකතන අංක ලබා දීම පවා අවහිර කර ඇති බව ඇය හෙළි කරයි.

WhatsApp Groupවලට ඇතැම් ගුරුවරුන් යොමු කරන දේවල් දුටු විට ඔවුන් සැබවින් ම ගුරුවරුන් ද යන සැකය ඇති වන බව වසන්තා හඳපාන්ගොඩ සඳහන් කරයි.

ගුරුවරුන්ට එසේ ද්වේෂයෙන් දරුවන් ගැන සිතිය නොහැකි බවත් මොවුන් ත්‍රස්තවාදීන් බවත් ඇය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *