තොණ්ඩමාන්ලා එක්ක හැප්පෙන්න බෑ..! මම නුවරඑළියෙන් යනවා…! – නවීන්…

June 27, 2023 at 8:30 am | by emanisa.lk

අවුරුදු 20ක් තිස්සේ නුවරඑළියේ ජනතාවට තමන් විශාල සේවයක් සිදුකළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි.

කෙසේ වුව ද නුවරඑළියේ දේශපාලනය කොට දැන් තමන් හෙම්බත්ව ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

තව දුරටත් දෙමළ දේශපාලනඥයින් සමග ගැටීමට තමන් සූදානම් නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

ජීවන් තොණ්ඩමන්ගේ පියා සමග තමන් ගැටුණ ද ජීවන් තොණ්ඩමන් තමන්ගේ හොඳ මිතුරෙකු බව ද සඳහන් කළ නවීන් දිසානායක ඉදිරියේ දී සබරගමුව පළාතෙන් තරඟ වැදීමට සලකා බලන බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *