තෙල් මිල ගැන ලිපියේ ස්ථාවරය එලෙසමයි..! ඇමැති ගම්මන්පිල ඉල්ලා අස්විය යුතුයි…! පක්ෂයේ මතයත් එයමයි…!- සාගර කාරියවසම් පොහොට්ටු කාර්යාලයේ සිට කියයි…

June 16, 2021 at 6:42 pm | by emanisa.lk

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු අද (16) පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තම අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ මතය සමග තමාත් පක්ෂයත් තව දුරටත් සිටින බව ද ඔහු අවධාරණය කළේ ය.

“රහස් සාකච්ඡා නෑ. අපි කරන දේවල් ඔක්කොම එළිපිට. මේ රටේ ජනතාව බිහිකරපු ජනතාවගේ පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ.

අපි ජනතාව වෙනුවෙන් ගන්න ඕන තීරණ සියල්ල ගන්නවා. නිර්භයව ප්‍රකාශ කරනවා. ඉදිරියටත් එහෙම්මම තමයි. ඒ නිකුත් කරපු ලිපිය සම්බන්ධයෙන් ඒ මතයේ මම අදටත් ඉන්නවා, පක්ෂයත් ඉන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *