තිලංගට පැරදී උණුහුම මැකෙන්නත් කලින් අර්ජුණ ලංගම සභාපතිටත් පරදී! පිට පිට සිව්වන පරාජයත් වැළඳගනී!

February 26, 2019 at 10:27 am | by admin

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිසකට පටිපාටියෙන් බැහැරව උසස්වීම් ලබා දීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග කටයුතු කිරීම නිසා ලංගම සභාපති රමාල් සිරිවර්ධන සහ ඇමතිවරයා අතර ගැටුමක් ඇති වී තිබේ.

සභාපතිවරයා මෙම ක්‍රියාවට විරුද්ධ වීම නිසා ඇමතිවරයා ඔහුට ඉල්ලා අස්වීමට බලපෑම් කර ඇති අතර ශ්‍රීලංගමයේ වෘත්තීය සමිති ගණනාවක් සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට දැඩි විරෝධය පළ කිරීම නිසා එය වැළකී තිබේ.

පසුගිය සමයේ සේවක වැටුප්, අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවාගත නොහැකිව නඩු ගණනාවකට ද පැටලීි තිබුණු ලංගමය එම තත්ත්වයෙන් මුදා ගත්තේ වර්තමාන සභාපතිවරයා විසින් නිසා වෘත්තීය සමිති ඔහු වෙනුවෙන් පෙනී සිටීමට තින්දු කර තිබේ.

පසුගිය වසර අවසාන වන විට සේවක වැටුප් ගෙවා, අර්ථ සාධක අරමුදල් පියවා රු. 13500 බැගින් බෝනස් ලබා දීමට ද සභාපතිවරයා ඉතාම සැලසුම් සහගත ලෙස ශ්‍රීලංගමය ගොඩනඟා තිබේ.

මේ තත්ත්වය හමුවේ ඇමතිවරයා පරාජය භාර ගෙන ලබා දුන් නීති විරෝධි උසස්වීම් අත්හිටුවීමට ඇමතිවරයා කටයුතු කරමින් සිටින්නේ වෙන විකල්පයක් නොමැති නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *