ත්‍රස්තවාදී ගිනි පුපුරු තවම තියෙනවා! සීත පුටුවල ඉදං උදම් අනලා වැඩක් නෑ! – සරත් ෆොන්සේකා

December 3, 2020 at 1:29 pm | by emanisa.lk

සීතල පුටුවල වාඩි වී උදම් අනමින් සිටියත් ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

අද (3) පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසී ය.

“ඊයේ බෝම්බයක් සමග හිටපු කොටි ත්‍රස්තවාදී කාන්තාවක් අසුවුණා. මේ ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තව ම තියෙනවා.

සීතල පුටුවලට වෙලා අපි ත්‍රස්තවාදය පරාජය කළා කිය කිය ඉඳලා හරියන්නේ නෑ. මේවා හොයල බලන්න ඕනේ.

මහවිරු දිනය සැමරීමත් නීති විරෝධියි. එල්ටීටීඊය කියන්නේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. අපේ පක්ෂයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයත් මහවිරු සැමරුම ගැන කියලා තිබුණා. ඒවා වැරදියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස