තහනම නොතකා මගුල් කෑව ගමේ 85කට කොවිඩ්….!

August 1, 2021 at 11:53 am | by emanisa.lk

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා ඇත.

කෙසේ වුව ද මගුල සඳහා පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් ගමේ නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

පසුව මෙම කොටහලු මගුල සඳහා කෑම පිසීමට පැමිණි පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු බව පසුව තහවුරු වී අතර අනතුරුව එම නිවසට පැමිණි 23 දෙනෛකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත. ඊට පසු 212 දෙනෙකු සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණ මගින් තවත් 62කුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස