තොණ්ඩමන්ගේ මළ ගෙදර ගිය මාධ්‍යෙව්දියාට කොරෝනා නෑ! වැළඳි ඇත්තේ සාමාන්‍ය හෙම්බිරිස්සාව!

June 5, 2020 at 9:28 am | by emanisa.lk

ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් උත්සවයේ මාධ්‍ය ආවරණයට සහභාගි වූ හැටන් – කොටගල දිඹුල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියා කොරෝනා ආසාදිතයකු නොවන බව පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි දික්ඔය රජයේ රෝහල් බලධාරීහු පවසති.

සෙම්ප්‍රතිශ්‍යාව හා සෙම්ගෙඩි තත්ත්වයක් පැවතීම නිසා ඉකුත් 02දා එම මාධ්‍යවේදියා දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහුගේ ජෛව පටල ලබා ගනිමින් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කෙරිණි.

එම පරීක්ෂණයේ වාර්තාව පෙරේදා (03) පස්වරුවේ ලැබී තිබුණි. එම වාර්තාවලට අනුවව එම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී නැතැයි දික්ඔය රෝහලේ වෛද්‍යවරු හා නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළේය.

තොණ්ඩමන් ඇමැතිවරයා මියගිය දිනයට පසු දිනයේ සිට මෙම මාධ්‍යවේදියා කොළඹ හා කොත්මලේ වැවන්ඩන්, කොටගල මෙන්ම හැටන් – නෝර්වුඩ් ක්‍රීඩාපිටියේ පැවැති අවසන් කටයුතු නිම වන තුරුම මාධ්‍ය ආවරණ කටයුතුවල නිරතව සිට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස