තර්ජන, බලෙන් කඩ වැහිලි බෑ…! හර්තාලය සාමකාමීව කරන්න…! – පොලිසිය…

May 6, 2022 at 9:20 am | by emanisa.lk

වෘත්තිය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරවලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (06) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහ ජනයා වෙත දැනුම් දෙයි.

මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති පිරිසවලට තර්ජනය කර ඔවුන් සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම, මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන ලෙසට තර්ජනය කිරීම ආදී කරුණු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එවැනි කටයුතු වල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය කියයි.

ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබාදී ඇති අයිතියට පොලිසිය විසින් ගරු කරන බවත්, එම අයිතියට මුවා වී අන් අයගේ අයිතිය යටපත් කරමින් කටයුතු නොකරන්නැයි පොලිිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *