ඩොලරය ඉහළ යාම ගැන කලබල වෙන්න එපා…! රුපියල ඉහළ යාම නැවැත්තුවෙත් අපි…!

June 16, 2023 at 9:55 am | by emanisa.lk

ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඩොලරට ඇති ඉල්ලුම හා සැපයුම මත එහි මිල තීරණය වන බව කී රංජිත් සියඹලාපිටිය, ආනයන ඉහළ යන සතියක ඩොලරයට ඉල්ලුම වැඩිවන බව ද සඳහන් කළේය.

මහ බැංකුව ඩොලර් බිලියන තුනක් මිල දී ගෙන ඇති බවත් එසේ මිල දී නොගත්තේ නම් ඩොලරය තව දුරටත් පහළ යාමක් සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *